NWP Emblem

වයඹ පළාත් සභාව

කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා රජය

නවතම පුවත්
ශිල්ප අභිමානී”ජනාධිපති හස්ත කර්මාන්ත තරඟාවලිය - 2025 වයඹ පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ කර්මාන්ත උපදේශක ධම්මික බංඩාර මයා ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි

ව්‍යාපෘති සහ වැඩසටහන්

Project
Ongoing

අඩු ආදායම්ලාභී පවුල් වල ජීවනෝපාය සංවර්ධනය සදහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ පුහුණු වැඩසටහන්

ව්‍යාපෘති පසුබිම වයඹ පළාත තුළ අඩු ආදායම්ලාභී පවුල් විශාල ප්‍රමාණයක් ස්ථාවර ආදායම් මාර්ග නොමැති වීම හේතුවෙන් ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙයි. විශේෂයෙන් තරුණයන්, කාන්තාවන් සහ රැකියා විරහිත පුද්ගලයන් සඳහා වෙළඳපොළට ගැළපෙන තාක්ෂණික කුසලතා ලබාදීම මඟින් ස්වයංරැකියා අවස්ථා හා කුඩා ව්‍යාපාර බිහිකිරීමට හැකියාව පවතී. එබැවින්, කර්මාන්ත සංවර්ධනයට අදාළ තාක්ෂණික පුහුණු වැඩසටහන් සංවිධානය කර අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ. විශේෂ අරමුණු • අඩු ආදායම්ලාභී පවුල් සාමාජිකයන් සඳහා වෙළඳපොළට ගැළපෙන තාක්ෂණික පුහුණුව ලබාදීම. • ස්වයංරැකියා හා කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම. • කාන්තා හා තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම. • දේශීය කර්මාන්ත හා ගෘහස්ථ නිෂ්පාදන සංවර්ධනය කිරීම. • පවුල් ආදායම් මට්ටම ඉහළ නැංවීම.

Project
Ongoing

දෙපාර්තමේන්තුව සතු හිස් ඉඩම් වල අමුද්‍රව්‍ය සකස් කිරීම සඳහා තෝරාගත් ශාක විශේෂ රෝපණය කිරීම

දෙපාර්තමේන්තුව සතු හිස් ඉඩම් වල අමුද්‍රව්‍ය සහ ස්වභාවික වර්ණ සකස් කිරීම සඳහා තෝරාගත් ශාක විශේෂ රෝපණය කිරීමේ ව්‍යාපෘති 10 ක්‍රියාත්මක වේ

Project
Ongoing

වයඹ පළාත තුල ජීවත්වන කුඩා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්ත ශිල්පීන් සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ / උපකරණ 50% ක දායකත්වය මත ලබාදීමේ වැඩසටහන

වයඹ පළාත යනු කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික් 02 කින් යුක්ත වූ පළාතක් වන අතර , මෙම පළාත තුල විශාල වූ පිරිසක් විවිධ වූ කුඩා කර්මාන්ත තම ජීවනෝපාය වශයෙන් යොදාගනිමින් කර්මාන්ත කටයුතුවල නිරතවේ. ඔවුන්ගේ කර්මාන්ත කටයුතු විවිධ වූ බාධක මධ්‍යයේ සිදුකරගෙන යන අතර,විශේෂයෙන්ම මෙම කර්මාන්ත අතුරින් බහුතරයක් තවමත් සාම්ප්‍රදායික ක්‍රම ඔස්යේ ප්‍රාථමික මට්ටමින් තම කර්මාන්තය කරගෙන යනු ලබයි. ඒ සදහා බලපා ඇති විවිධ වූ කරුණු කාරණා රාශියක් පවතී.  සැලකිය යුතු ආදායමක් නොලැබීම.  නවීන තාක්ෂණික දැනුම අවබෝධය නොමැතිකම.  මේ සදහා යොදාගනු ලබන නවීන යන්ත්‍රෝපකරණ ඔවුන් සතුව නොමැති වීම.  කර්මාන්තය විශාල පරිමාණයෙන් සිදුකරගෙන යාම සදහා මුදල් හා සම්පත් හිගකම. ආදී විවිධ වූ කරුණු මේ සදහා ප්‍රධාන වශයෙන් බලපා ඇත.ඒ හේතුවෙන් මෙම පළාත තුල ජිවත්වනු ලබන කර්මාන්තකරුවා තම කර්මාන්තය ඵලදායී අන්දමින් ඉදිරියට කරගෙන යාම සදහා විශාල අභියෝගයකට ලක්ව ඇති බව පෙන්වාදිය හැකිය. උක්ත කරුණු සම්බන්ධව සලකා බැලීමේදී මෙම කර්මාන්ත තවදුරටත් ඵලදායී අන්දමින් ඉදිරියට කරගෙන යාම සදහා රාජ්‍ය අංශයේ හෝ යම් පාර්ශව කරුවකුගේ මැදිහත්වීමක අවශ්‍යතාවය හදුනා ගත හැකි අතර , ඒ අනුව කුඩා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්ත ශිල්පීන් සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ / උපකරණ 50% ක දායකත්වය මත ලබාදීම සම්බන්දයෙන් මෙම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ඉතා යෝග්‍ය බව පෙන්වාදිය හැකිය.

Project
Ongoing

දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යස්ථාන සහ අලෙවිසැල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

ප්‍රජාවගේ ආර්ථික, සමාජීය සහ ජීවනෝපාය මාර්ගයන් නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ පවතින සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව නවීකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම සංකල්පය පෙරදැරි කරගෙන 2025 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සංවර්ධන සැලැස්ම (PSDG/CBG) යටතේ ප්‍රදේශ ගණනාවක විසිරී පැවති ජනසළු මධ්‍යස්ථාන, ශිල්පීය පුහුණු මධ්‍යස්ථාන සහ ගබඩා පරිශ්‍රයන් නවීකරණය කිරීම ක්‍රියාත්මක කරන ලදී.